Home උණුසුම් පුවත් බිනර පොහොය අදයි

බිනර පොහොය අදයි

බිනර පොහොය අදයි

බිනර පුන් පොහොය දිනය අදට යෙදී තිබේ.

බුද්ධත්වය ලැබීමෙන් පසුව උදා වූ 11 වෙනි වස්සාන සමය ඒකනාලා නම් වූ බ්‍රහ්මණ ගමෙහි ගත කරමින් සිටි බුදුන් වහන්සේ, ඒ ගමට නුදුරින් පිහිටා තිබූ මගධ ක්ෂේත්‍ර නම් කෙත් යාය වෙත එක් දිනක් භික්ෂූන් වහන්සේලා කැඳවා ගෙන ගියෝය.

එහි ලියදි වෙන් කරමින් නියරවල් විහිදී තිබුණ ආකාරය පෙන්වා දීමෙන් පසුව, ඒ රටාව අනුගමනය කරමින් රෙදි කැබලි එකිනෙක මූට්ටු කර සිවුර මසා ගත යුතු යැයි ඔවුනට උපදෙස් දුන් බව සඳහන් වේ.

වස්සාන සෘතුව තුල යෙදෙන මේ බිනර පුර පසළොස්වක පොහෝ දා එම සුවිශේෂී සිදුවීම සිහිපත් කරමින් සමරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here