Home උණුසුම් පුවත් ස්වාධීන වූ පොහොට්ටුවේ කණ්ඩායමෙන් කථානායකට ඉල්ලීමක්

ස්වාධීන වූ පොහොට්ටුවේ කණ්ඩායමෙන් කථානායකට ඉල්ලීමක්

ස්වාධීන වූ පොහොට්ටුවේ කණ්ඩායමෙන් කථානායකට ඉල්ලීමක්

මැතිසබයේදී තමන්ට අදහස් දැක්වීමට කාලය වෙන්කර දෙන්නැයි  පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෑතකදී අසුන්ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13 දෙනා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අද(6) පෙරවරුවේ හමුවී ඉල්ලීමක් කර තිබේ.

මන්ත්‍රීවරුන් හෙයින් තමන්ටද පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය තිබිය යුතු බව එම මන්ත්‍රීවරුන් පිරිස
එහිදී කතානායකවරයාට  පෙන්වාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ තම මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීම කතානායකවරයා පිළිගත් බවයි.

තම කණ්ඩායමට වෙනම කාලයක් වෙන් කර දීමට කටයුතු කරන බව කතානායකවරයා  එහිදී දැනුම් දුන්නේ යැයිද  ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here