fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවට ජලභීතිකා වසංගතයක්

    ඉන්දියාවට ජලභීතිකා වසංගතයක්

    ඉන්දියාව තුල ජලභීතිකා වසංගත තත්ත්වයක් හටගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ.

    ඒ අනුව ඉන්දියාව තුල දැඩි සමාජීය ගැටලුවක් දක්වා ජලභීතිකාව වර්ධනයක් වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    ලොව පුරා ජලභීතිකාව වැලඳීමෙන් මරණයට පත්වෙන ජනයාගෙන් සියයට 36ක් ඉන්දියාවෙන් වාර්තාවන බවද අදාල වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

    “ඉන්දියාවේ ජලභීතිකා රෝගයේ සැබෑ බරපතල බව සම්පූර්ණයෙන්ම අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත. පවතින තොරතුරුවලට අනුව, එය රට තුළ සෑම වසරකම දහ අටදහසත් විසි දහසත් අතර පිරිසක් ජලභීතිකාවෙන් මරණය පත්වේ” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එම වාර්තාවේ පවසා තිබිණි.

    මේ අතර ඉන්දියාව තුල ජලභීතිකාව වැලදීමෙන් මරණය පත්වෙන පිරිසගෙන් සියයට 30ත් 60ත් අතර පිරිසක් වයස අවුරුදු 15ට අඩු ළමුන් බවද එම වාර්තාව පෙන්වා දෙයි.

    එමෙන්ම ජලභීතිකාව මිනිසුන්ට වැලදීම් වලින් සියයට 99ක්ම සුනඛයින් මගින් සිදුවන බවද ජලභීතිකාව සුනඛයින් එන්නත් කරනය මගින් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර වලින් සියයට සියයකින්ම වලක්වා ගැනීමට හැකියාව පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

    ඒ අනුව වන විට ඉන්දියාව තුල විශාල වශයෙන් අයාලයේ යන සුනඛයින් දක්නට ලැබෙන බවට වාර්තාවන අතර ඔවුන් නිසි එන්නත් කරණයකට ලක් නොවූවන් වීම මගින් මෙලෙස ජලභීතිකාව පැතියාව බහුලව සිදුවේ.

    ඉන්දීය රජය විසින් මෙම සුනඛයින් පාලනය කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කිරීමට උත්සහ කළද සත්ව ක්‍රියාකාරීන් ඊට විශාල වශයෙන් විරුද්ධ වීම අයාලේ යන සුනඛයින් පාලනය කිරීම අභියෝගයක් වී ඇති බවද වාර්තාවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.