Home උණුසුම් පුවත් චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය බෙයිජිංහිදී  

චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය බෙයිජිංහිදී  

චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය  බෙයිජිංහිදී  

  

චීනයේ මේ දිනවල පැවැත්වෙන 2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලොව ප්‍රබලම ව්‍යවසායන් 400කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටී.

2012 වසරේ සිට වාර්ෂික ව චීනයේ පැවැත්වෙන මෙය දැනට ‍ ලෝකයේ සේවා වෙළඳ ක්ෂේත්‍රයේ විශාල ම පරිමාණයේ ප්‍රදර්ශනය බවට පත් ව ඇත. රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 71ක් මෙවර  ඊට එක්වෙයි. අගෝස්තු 31 වැනිදා ආරම්භ වූ ප්‍රදර්ශනය ලබන 5 වැනිදා දක්වා පැවැත්වේ.

චීනය පවත්වන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට ඉහළ ආකර්ෂණයක් මෙවරත් හිමිව ඇත. චීනය සතු පුළුල් වෙළඳපොළ ශක්‍යතා මීට බලපා ඇති ප්‍රධානම සාධකයයි.

ගෙවී ගිය වසර 10 තුළ චීනයේ සේවා වෙළඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. 2012 -2021 කාලයේ චීන සේවා වෙළඳාමේ ආනයනය හා අපනයනය 6.1%කින් වර්ධනය වීම ද කැපීපෙනේ.

 ඉකුත් දශකයේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය මගින් බොහෝ විදේශ ව්‍යවසායන්ට චීනයේ ආයෝජන අවස්ථා හිමි ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here