Home උණුසුම් පුවත් රන්ජන් නිදහස් වන දිනය හරීන් කියයි

රන්ජන් නිදහස් වන දිනය හරීන් කියයි

රන්ජන් නිදහස් වන දිනය හරීන් කියයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වී දැනට සිර දඬුවම් විඳිමින් සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීන කලාකරු රන්ජන් රාමනායක මහතාට හෙට(26) හෝ ලබන සඳුදා(29) දිනවල නිදහස ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබඳ බොහෝ දෙනා ඉල්ලීම් කර ඇති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඒ පිළිබඳ දැඩි උත්සාහයෙන් අවශ්‍ය ලේඛන කටයුතු ඉටුකළ බවයි.

මේ සියලුු කරුණු සළකා බලා ජනාධිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍යවරයා කීය.

මේ අතර රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් අද අධිකරණයෙන් සමාව අයැද තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here