Home උණුසුම් පුවත් මාල කැඩූ පොලිසීයේ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කරයි

මාල කැඩූ පොලිසීයේ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කරයි

0
මාල කැඩූ පොලිසීයේ සිව් දෙනෙකු අත්අඩංගුවට  ගෙන වැඩ තහනම් කරයි

මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මාලඹේ පොලීසියේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙම නිලධාරීන් සිව් දෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (22) රාත්‍රී කාලයේදීය.

ත්‍රීරෝද රථයකින් පැමිණ කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයෙකුගේ ගෙල බැදි රන් මාලයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔවුන් සිව් දෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලය සිදුව ඇත්තේ 20 වෙනිදාය. ඒ ගැන එම තරුණයා 21 වෙනිදා කොට්ටාව පොලීසියට පැමිණිලිකර තිබේ.

සිවිල් ඇදුමින් පුද්ගලික ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම පොලිස් නිලධාරීන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවය.

මෙම නිලධාරීන් සිව් දෙනා මෙයට පෙරද මෙවැනි අපරාධවල නිරතව තිබේදැයි සොයා විමර්ශන පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here