
රජයට අයත් පාඩු ලබන ආයතන වසා දැමීමට හෝ වෙනත් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග නොගන්නේ නම් රට තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (23)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
“ගිය වසරේ දී රජයේ මුළු බදු ආදායම බිලියන රු 1,298ක්. එයින් රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප සඳහා පමණක් බිලියන 1,115ක් ගෙවිය යුතු වුණා. එතකොට අනෙක් සියලු දේ සඳහා ඉතිරි වුණේ බිලියන 153යි. නමුත් පොලී විතරක් ගෙවන්න තියෙනවා ගත්ත ණයවලට බිලියන 1,000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ නිසා ලංකාවේ කවුරු ආණ්ඩු කළත්, කුමන දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් බලයට පත්වුණත් රජයේ ආදායමෙන් වර්ෂයකට ලබාගන්න මුලික වියදම් දෙකවත් පියවගන්න බෑ. වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සහ රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම යන වියදම් දෙකවත් කවුරු ආණ්ඩුවක් ගත්තත් දරාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා දවසක ආදායම කෝටි 400යි. දිනක වියදම කෝටි 1,000යි. සෑම දිනකටම කෝටි 600ක් ණය වෙමින් මේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ. ඒ තත්ත්වය තුළ 2023 අයවැය විශාල වෙනස්කම් හා අලුත් බලාපොරොත්තු සහිත අයවැයක් බවට පත්කරන්න කැබිනට් අනුමැතිය ලබාගත්තා.” යැයි ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරද්දී රාජ්‍ය මාධ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන් ඉවත් කිරීමක් වුවහොත් ඔවුන්ට නියමිත වන්දි ගෙවීම කරන බව රජය පවසයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඇති වන්දි සූත්‍රයට අනුව කටයුතු කරන බවයි.
මීට පෙර අවස්ථාවල ද එම ක්‍රමවේදය යොදා ගත් බව ඔහු පැවසීය.
වර්තමානයේ ඇති ව තිබෙන දරුණු ආර්ථික ආගාධයෙන් ගොඩ ඒම සඳහා අනිවාර්යයෙන්ම රජයේ ආදායම ඉහළ දමාගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,