Home special අධික උද්ධමනයට පිළියමක් ලෙස සිම්බාබ්වෙන් රන්කාසියක්

අධික උද්ධමනයට පිළියමක් ලෙස සිම්බාබ්වෙන් රන්කාසියක්

0
අධික උද්ධමනයට පිළියමක් ලෙස සිම්බාබ්වෙන් රන්කාසියක්

ලොව ඉහළතම උද්ධමනය පවතින රටවලින් එක්ක වන සිම්බාබ්වේ මේවන විට එරට මුදල් සඳහා රන්කාසි භාවිතා කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව සිම්බාබ්වේ රජය විසින් පසුගිය මාසයේදී ඇමරිකාඩු ඩොලර් 1800ක් වටිනා රන් කාසියක් නිකුත් කරනු ලැබීය. මෙම රන් කාසිය අනුත බැංකු වලින් ලබා ගැනීමේ හැකියාව පවතින අතර එය සමාන්‍ය මුදල් මෙන් ගණුදෙනු කිරීමට යොදා ගැනීමට හැකියාවද පවතී.

පසුගිය මාසයේ මෙම රන් කාසිය නිකුත් කිරීමත් සමඟ සැලකිය යුතු පිරිසක් මෙම රන් කාසිය බැංකු හරහා ලබාගෙන ඇති බවද සිම්බාබ්වේ රජය පවසයි.

සිම්බාබ්වේ රජය විසින් මෙම රන් කාසිය හඳුන්වා දීමට පෙර එරට ජනතාව ඇමරිකානු ඩොලර් වලින් ගණුදෙනු කිරීමට පෙළඹ සිටි අතර එය රට විදේශ සංචිත පහත හෙලීමට විශාල ලෙස බලපානු ලැබීය.

ඒ අනුව මේවන විට රන් කාසි භාවිතය යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමත් සමඟම සිම්බාබ්වෙ රාජ්‍ය ඇමරිකාන ඩොලර් 180ක් වටිනා කාසියක්ද නිකුත් කිරීමට තීරණය කර ඇත.

මෙම කාසිය මගින් එරට ඇතිව තිබෙන අධික උද්ධමනය පාලනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපෙක්ෂිතය. සම්බාබ්වේ ඉතා දූෂිත දේපාලන තන්ත්‍රයක් පවතින අතර ඒ හේතුවෙන් එරට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here