Home special යුරෝපය – අප්‍රිකාව – ආසියාව දවාලන වාර්තාගත තාපරැල්ලක්

යුරෝපය – අප්‍රිකාව – ආසියාව දවාලන වාර්තාගත තාපරැල්ලක්

යුරෝපය – අප්‍රිකාව – ආසියාව දවාලන වාර්තාගත තාපරැල්ලක්

මේ වසරේ ජූනි සහ ජූලි මාසවලදී, යුරෝපය, උතුරු අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (ෆැරන්හයිට් අංශක 104) ට වඩා ඉහළ ගොස් බොහෝ දිගුකාලීන වාර්තා බිඳ හෙළමින් අධික උණුසුම් තත්වයක් ඇතිකර තිබෙන බව නාසා ආයතනය පවසයි.

පහත සිතියම මගින් 2022 ජූලි 13 වන දින වනවිට නැගෙනහිර අර්ධගෝලයේ බොහෝ මතුපිට වායු උෂ්ණත්වය දක්වා තිබේ.

වායුගෝලයේ භෞතික ක්‍රියාවලීන් නියෝජනය කිරීමට ගණිත සමීකරණ උපුටා ගනිමින් මෙම සිතියම සකස් කර ඇත්තේ නාසා ආයතනයේ ගොඩාර්ඩ් පෘථිවි නිරීක්ෂණ පද්ධතිය (GEOS) විසිනි.

“විවිධ ස්ථානවල ප්‍රත්‍යාවර්ත උණුසුම් (රතු) සහ සිසිල් (නිල්) අගයන් සහිතව ‘වායුගෝලීය තරංගයක’ පැහැදිලි රටාවක් පවතී. මෙහි විශාල ප්‍රදේශයකින් පෙන්වා ඇති පරිදි අධික තාපරැල්ලක් (වාර්තා බිඳහෙළන තරමේ) පවතින ප්‍රදේශය මිනිස් ක්‍රියාකාරකම් මගින් හරිතාගාර වායු විමෝචනය වීම නිසා අපගේ ජීවන තත්වයන්ට බලපාන තරමේ කාලගුණික අන්තයන් ඇති කරන බවට තවත් පැහැදිලි දර්ශකයකි.” යැයි පවසන්නේ නාසා ආයතනයේ ගොඩාර්ඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ආකෘති නිර්මාණය සහ සමීකරණය කාර්යාලයේ ප්‍රධානි ස්ටීවන් පෝව්සන් ය.

චීනයේ මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී පාරවල්වල තාර උණු කරන, වහලයේ උළු ගැලවී යන ආකාරයේ තාපරැලි තුනක් ගෙන ආවේය. 1873 සිට වාර්තා තබා ඇති ෂැංහයි ෂුජියාහුයි නිරීක්ෂණාගාරය, එහි මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය 2022 ජූලි 13 වන දින සෙල්සියස් අංශක 40.9 (Fahrenheit අංශක 105) බවට වාර්තා කළේය. මෙය මාරාන්තික තත්ත්වයන් පවා නිර්මාණය කරන්නක් වී ඇත.

පෘතුගාලයේ ප්‍රමුඛ ගිනි හඳුනාගැනීම් අතරට හෙක්ටයාර 1,500කට (අක්කර 3,700) වැඩි ප්‍රමාණයක් ගිනිගෙන ඇති ලාස් හර්ඩ්ස් නගරය ද ඇතුළත් වේ.

ඉතාලියේ, වාර්තාගත උණුසුම නිසා පසුගිය ජූලි 3 වන දින ඩොලමයිට් හි මාර්මොලාඩා ග්ලැසියරයේ කොටසක් කඩා වැටිණි. හිම, අයිස් සහ පාෂාණ හිම කුණාටුවෙන් කඳු නගින්නන් 11 දෙනෙකු මිය ගියහ.

එක්සත් රාජධානියේ, කාලගුණ කාර්යාලය උෂ්ණත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළේ උෂ්ණත්වය දිගටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, සමහර විට සර්වකාලීන ඉහළම අගයන් බිඳ දමනු ඇති බව පවසමිනි.

උතුරු අප්‍රිකාවේ, ටියුනීසියාවේ ධාන්‍ය වගාවට හානි වූ අධික තාපරැල්ල සහ ලැව්ගිනි ඇතිවී තිබේ. ජුලි 13 වෙනිදා ටියුනිස් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 (ෆැරන්හයිට් අංශක 118) දක්වා ළඟා වූයේ වසර 40ක වාර්තාවක් බිඳ දමමිනි.

ඉරානයේ, ජුනි මස අගදී සෙල්සියස් අංශක 52 (ෆැරන්හයිට් අංශක 126) දක්වා ඉහළ ගිය පසු ජූලි මාසයේ උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතුනි.

‘මෙවැනි අධික තාපරැල්ලක් මිනිස් සෞඛ්‍යයට සෘජු බලපෑමක් ඇති කරනවා මෙන්ම උතුරු ඇමරිකාවේ පසුගිය වසර කිහිපය තුළ පැතිරුණු යුරෝපයේ සහ අප්‍රිකාවේ දැන් සිදුවන ලැව්ගිනි ඇතුළු අනෙකුත් ප්‍රතිවිපාක ද ඇති කරයි.’ පෝව්සන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here