
අකුරුස්ස තිබ්බටුවාවේ පිහිටි නිවසකට කඩා වැදී එහි ජීවත්වූ යකදුරෙකුගේ ගෙල කපා හිස රැගෙන ගිය 24 හැවරදි තරුණයාව අද උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිය නිවසට හූනියමක් කිරීම හේතුවෙන් යකදුරාව මරා දැමූ බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
මෙම ඝාතනය සිදුවන්නේ ඊයේ පෙරවරුවේදීය. යකදුරා සිය නිවසේ පෙරේදා රාත්‍රියේ යාතුකර්මයක් සිදුකර තිබේ. සැකකාර තරුණයා පදිංචි නිවස පිහිටි ගෙවත්තේ කොනක මිත්තනණියගේ සොහාන ඇත. යකදුරා මැදියම් රැයේ එම සොහොන මත රැදී යම් යාතුකර්මයක නිරතවීම සහ උදෑසන ගෙවත්තේ දෙහි ගෙඩි වලදා තිබී හමුවීම නිසා තමන්ට හූනියමක් කර ඇති බව සැකකරුගේ පවුලේ අය විශ්වාසකර තිබෙන බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව තරුණයා විසින් යකදුරාගේ නිවසට ගොස් ඔහුගේ ගෙලකපා රැගෙන ගොස් ඇති බව විමර්ශනවලින් පෙනී යන බව පොලීසිය සඳහන් කරයි.