Home උණුසුම් පුවත් හූනියමක් දෙදරු පියාගේ හිස කඳින් වෙන්කරයි

හූනියමක් දෙදරු පියාගේ හිස කඳින් වෙන්කරයි

0
හූනියමක් දෙදරු පියාගේ හිස කඳින් වෙන්කරයි

අකුරුස්සේ නිවසකට අද උදෑසන කඩා වැදුණු පුද්ගලයෙක් නිවෙස් හිමියාට කඩුවකින් කොටා හිස කඳින් වෙන්කර රැගෙන ගොස් නිල් වලා ලඟට දමා පළාගොස් ඇත.

මෙසේ කුරිරු ලෙස ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳ සහ දියණියද තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම අපරාධය 26 හැවරදි තරුණයෙක් විසින් කර ඇති අතර ඊට මුල්වී ඇත්තේ ඝාතනය වූ පුද්ගලයාගේ නිවසේ ඊයේ රාත්‍රීයේ පැවති තොවිලයකි.

එම තොවිලය සිය දෙමාපියන්ට කළ කොඩිවිනයක් යැයි කියා මෙම ඝාතනය සැකාකර තරුණයා විසින් කර ඇති බව පොලීසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

ඝාතනය වූ පුද්ගලයා දෙදරු පියෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here