Home උණුසුම් පුවත් ගොංපොර තරගයක ප්‍රේක්ෂකාගාරය කඩාවැටී 4ක් මරුට – 300ක් රෝහලේ

ගොංපොර තරගයක ප්‍රේක්ෂකාගාරය කඩාවැටී 4ක් මරුට – 300ක් රෝහලේ

ගොංපොර තරගයක ප්‍රේක්ෂකාගාරය කඩාවැටී 4ක් මරුට – 300ක් රෝහලේ

කොලොම්බියාවේ එල් එස්පිනල් ප්‍රදේශයේ පැවති ගොංපොර තරඟයක් අතරතුරදී ප්‍රේක්ෂකාගාරය කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැව යොදා ගනිමින් සාදා නිමකළ තට්ටු තුනක ගොඩනැගිල්ලක කොටසක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත.

ප්‍රේක්ෂකාගාරය කඩාවැටුණු පසු පිරිස ඒ මේ අත දිවයද්දී සිදුවීමෙන් කලබල වූ ගොනුන් මෙල්ල කර ගැනීමට කිහිපදෙනෙකු උත්සහ දරන ආකාරය ද වීඩියෝවක දැක්වේ.

තව කොපමණ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටීදැයි තොරතුරු නිශ්චිතව ලබාගැනීමට නොහැකි වී ඇති බවද එරට වාර්තාවල දැක්වේ.

කොලොම්බියාවේ ගොං පොර තරග යනු සාම්ප්‍රදායික ක්‍රීඩාවකි. එම තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ද තරගයට සහභාගිවීමට අවස්ථාව හිමිවේ.

කෙසේ වුවද එරට ජනාධිපති ධුරය සදහා තේරී පත්වූ නව ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ බලධාරීන්ට දැනුම්දී ඇත්තේ මෙවැනි තරග තහනම් කරන ලෙසයි.

මිනිස් හා සත්ත්ව ජීවිත බිලිගන්නා මෙම තරග පැවැත්වීමට අවසර ලබානොදෙන ලෙස කොලොම්බියා නගරාධිපතිවරුන්ට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here