Home උණුසුම් පුවත් පාතාලයේ පොලිස් අත්තනායකට කැලණියේදී වෙඩි තබා ඝාතනය කරයි

පාතාලයේ පොලිස් අත්තනායකට කැලණියේදී වෙඩි තබා ඝාතනය කරයි

0
පාතාලයේ පොලිස් අත්තනායකට කැලණියේදී වෙඩි තබා ඝාතනය කරයි

කැලණිය පට්ටිය හන්දියේදී යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් විසින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින හිටපු පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිස් අත්තනායක නමින් කුප්‍රකට ඔහු අවසානයට සේවය කර ඇත්තේ කදාන පොලිස් ස්ථානයේය. එහිදී වැඩ තහනමකට ලක්වූ ඔහු දීර්ඝ කාලයක සිට ප්‍රබල මත්කුඩු ඡාවාරම්කරුවෙක් වන ජූඩ් ප්‍රියන්ත සමඟ එක්ව මත්කුඩු ඡාවාරමේ නිරතව සිට ඇත.

ජූඩ් ප්‍රියන්ත නැමැති අය මේ වන විට ඩුබායි හී රැදී සිටි. පෑලියගොඩ හොල්ලාගෙන සිටි ඩී. මංජු නැමැති පාතාල අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුව රැගෙන ගිය යතුරුපැදිය පදවා තිබුණේද ඔහුය.

මෙම ඝාතනය වී ඇත්තේ පොලිස් අත්තනායක නැමැත්තා සිය බිරිඳ සහ අවුරුදු 02ක් වයසැති දරුවා සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීය.

මෙම වෙඩිි තැබීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් තුවාල ලබා ඇතිබව පොලීසිය කියයි. මෙම වෙඩි තැබීමෙන් අවුරුදු දෙකේ දරුවාටද වෙඩිල්ලක් වැදී ඇති අතර එම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here