Home උණුසුම් පුවත් ජොනීට සිතාසි – රහස් පොලීසියටත් යයි

ජොනීට සිතාසි – රහස් පොලීසියටත් යයි

ජොනීට සිතාසි – රහස් පොලීසියටත් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා‍ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.

ඒ ඉකුත් මැයි මස නවවැනි දා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධීන්ට අදාළව ප්‍රකාශයක් ලබා දීමටය.

මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3දෙනෙකුට ලබන මස 4 වැනි දා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (24) සිතාසි නිකුත් කෙරුණි.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූලව රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවරූ නඩුවට අදාළව මෙම සිතාසි නිකුත් කර ඇත.

සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර්ට එරෙහිව ද මෙම සිද්ධියට අදාළව සිතාසි නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here