Home උණුසුම් පුවත් ලැබෙන්න තියෙන මන්ත්‍රීකම් ඇමතිකම් ගැන ධම්මික තීරණයක් ගනී

ලැබෙන්න තියෙන මන්ත්‍රීකම් ඇමතිකම් ගැන ධම්මික තීරණයක් ගනී

ලැබෙන්න තියෙන මන්ත්‍රීකම් ඇමතිකම් ගැන ධම්මික තීරණයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් දීම කල්දැමීමට ව්‍යාපාරික ධම්මික පෙරේරා තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු නීතිඥයෙකු මගින් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් කර ඇත.

එනම්, තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලැබෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බව පවසමිනි.

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වවනවිට මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් ගොනු කර ඇත.

එම පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී ධම්මික පෙරේරා මහතාගේ නීතිඥවරයා ‍මේ බව දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම් හෙට (21) නැවත විභාගයට ගැනීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here