
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ලකුණු 26ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
ඕස්ට්‍රේලියාව සිය ජයග්‍රහණය සඳහා පන්දුවාර 43කදී ලකුණු 216 හඹා ගියද පන්දුවාර 37.1කදී සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 189ක් පමණි.
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙමින් සිටියදිි 47 වැනි පන්දුවාරයේදී වර්ෂාව ඇද හැලුණු අතර ඒ වනවිට ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව කඩුලු 9 දැවී ලකුණු 220කි.
වර්ෂාව හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් තරගය අපතේ ගිය අතර ඩක්ලස් ඇන්ඩ් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියාවට පන්දු වාර 43කදී ලකුණු 216ක ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න කඩුලු 3ක් බිඳ හෙලුවේය.