Home උණුසුම් පුවත් ඉන්දියානු ණය ආධාරවලින් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමේ සූදානමක්

ඉන්දියානු ණය ආධාරවලින් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමේ සූදානමක්

0
ඉන්දියානු ණය ආධාරවලින් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමේ සූදානමක්

සහල් හිඟය මඟහරවා ගැනීමට සහ සහල් මිල පාලනය කිරීම අරමුණුකර ගනිමින් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීම අද (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි තීරණය වී ඇත.

මෙමගින් ඉදිරියේදි මතුවිය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත්, සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරිමටත් අපේක්ෂා කෙරේන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඉන්දියානු ණය ආධාර වැඩසටහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට වෙළඳ ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා, හිටපු අමාත්‍ය සාගල රත්නායක අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරු ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here