මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවටපත් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
ඒ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.
එම පෙත්සමෙන් ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට ඒ සඳහා පත්කිරීමට හැකියාවක ලැබෙන්නේ මහා මැතිවරණයේදී භාරදුන් නාම යෝජනා අතර නම් ඇතුලත් අපේක්ෂකයෙක් හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් පුද්ගලයෙකුට පමණක් බවය.
ධම්මික පෙරේරා මහතාගේ නම ඉකුත් මහා මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ ඇතුලත්ව නොතිබුණු බැවින් ඔහු පාර්ලලිමේන්තු මන්ත්‍රීධුරයක් සඳහා පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවන් මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.
ධම්මික පෙරේරා මහතා බැංකු, මූළ්‍ය ආයතන, බලශක්ති, වතු ඇතුළු විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර රැසකට සම්බන්ධ ප්‍රඛට ව්‍යාපාරිකයෙක් බැවින් ඔහු මන්ත්‍රීධුරයක් සඳහා පත්වීම මගින් ඒ හරහා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් පත්වීම තුළින් බරපතල පක්ෂග්රාහී භාවයක් නිර්මාණය වීමට හැකියාවක් තිබෙන බවද පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.