Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් ලංකාවට අයිස් ගලා එයි

ඉන්දියාවෙන් ලංකාවට අයිස් ගලා එයි

0
ඉන්දියාවෙන් ලංකාවට අයිස් ගලා එයි

අයිස් නැමැති මත්ද්‍රව්‍ය විශාල වශයෙන් මේ වන විට ඉන්දියාව හරහා මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එමින් ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්්‍යාංශය ඇතුළු බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ.

ධීවර බෝට්ටුවල සඟවා වැඩි ව⁣ශයෙන් අයිස් තොග රැගෙන එන්නේ තලෙයි මන්නාරමට බව ද අනාවරණය වී ඇත.

එම මත්ද්‍රව්‍ය බස් රථ ඇතුළු වාහන වලින් කිලෝ එක දෙක ප්‍රමාණයන් වලින් දකුණට බෙදා හරිනු ලබයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් මෙම ඡාවාරම පිළිබඳව ඇස ගසාගෙන සිට ඊයේ සවස මන්නාරමේ සිට රැගෙන පැමිණි කෝටියකට අධික වටිනාකමක් ඇති අයිස් කිලෝ 01යි ග්රෑම් 20ක් සමග පුද්ගලයෙක් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇත. මෝටර් රථයක සඟවා මෙම අයිස් තොගය රැගෙනවිත් ඇත්තේ ද මන්නාරමේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා මෙයට පෙර අවස්ථා ගණනාවක්ම මේ ආකාරයට අයිස් මත්ද්‍රව්‍ය කොළඹට රැගෙන පැමිණ ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here