Home උණුසුම් පුවත් පොලීසියට පාට් දමා හැංගුණු මන්ත්‍රී පුතයි ලේලියි නිසා ව්‍යාපාරිකයකුටත් ලෙඩක්

පොලීසියට පාට් දමා හැංගුණු මන්ත්‍රී පුතයි ලේලියි නිසා ව්‍යාපාරිකයකුටත් ලෙඩක්

0
පොලීසියට පාට් දමා හැංගුණු මන්ත්‍රී පුතයි ලේලියි නිසා ව්‍යාපාරිකයකුටත් ලෙඩක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර අසභ්‍ය වචනවලින් බැන වැදී පළාගොස් සැඟවී සිටින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ලේලිය ඇල්ල ප්‍රදේශයේ හෝටලයක ද සැඟවී සිට ඇති බව හෙළිවී තිබේ.

කඹුරුපිටියේ සිට ඔවුන් මෝටර් රථයකින් ඇල්ල බලා ගමන්කර ඇති අතර එම මෝටර් රථයද පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ. ඔහු ව්‍යාපාරිකයෙකි.

ඇල්ල දක්වා ඔවුන්ව රැගෙන ගොස් ඇත්තේ ද රථයේ හිමිකරුය. දිලිප් වෙදආරච්චිගේ පුතා සහ ලේලියට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් මෙයට පෙර අත්අඩංගුවට ගත් කාන්තාව මෙම රථයේ හිමිකරුගේ බිරිඳ බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා විසින් ඊයේ මාධ්‍යට ප්‍රකාශකර තිබුණේ සිය පුතා සහ ලේලිය අද දිනයේ පොලීසියට භාරවීමට නියමිත බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here