Home දේශීය පුවත් උණුසුම් පුවත් වැලි ජාවාරමුන් මාර්ග බාධකවල ආරක්ෂක නිලධාරීන් යටකර යාම් තවත් ඉහළට

වැලි ජාවාරමුන් මාර්ග බාධකවල ආරක්ෂක නිලධාරීන් යටකර යාම් තවත් ඉහළට

0
වැලි ජාවාරමුන් මාර්ග බාධකවල ආරක්ෂක නිලධාරීන් යටකර යාම් තවත් ඉහළට

වව්නියාවේ ඕමන්ත විද්‍යාලය අසල හමුදා මාර්ග බාධකයකදී හමුදා සාමාජිකයින් දෙදෙනෙක් යටකරමින් දැව ප්‍රවාහනය කරමින් තිබුණු කැබ් රථයක් ඊයේ (17) රාත්‍රියේ ධාවනය කර තිබේ.

එම කැබ් රථය ඊට මදක් ඈතින් මර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරට ලක්ව ඇත.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පළාගොස් තිබේ.

කැබ්රථයට යටවුණු හමුදා සාමාජිකයින් දෙදෙනා රෝහල් ගතකර ඇත.

කැබ් රථයේ හිමිකරු සොයා විමර්ශන පැවැත්වෙන බව ඕමන්තේ පොලීසිය සදහන් කරයි.

උතුරේ නීති විිරෝධි වැලි ඡාවාරම් සහ නීති විරෝධි දැව ඡාවාරම්කරුවන් ආරක්ෂක අංශ නිලධාරීන්ව මේ ආකාරයට වාහනවලින් යට කිරීම් රැසක්ම පසුගිය කාලය පුරාවටම වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here