Home උණුසුම් පුවත් කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස් රෝගයක් පැතිරෙයි

කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස් රෝගයක් පැතිරෙයි

කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස් රෝගයක් පැතිරෙයි

මේ දිනවල කුඩා දරුවන් අතර පැතිරී යන අත් පා මුඛ සම්බන්ධ වෛරස් රෝගයක් (Hand –foot and Mouth Disease) පිළිබදව වාර්තා වේ.

පෙර පාසල් දරුවන් අතරද මෙම රෝගය පැතිරීගෙන යන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන බලධාරීහු පවසති.

මෙහි රෝග ලක්ෂණ ලෙස,

  • දරුවා අසනීපයෙන් මෙන් සිටීම
  • උගුරේ අමාරුව
  • උණ
  • කෑම අරුචිය
  • අත්, පා, පිට, තට්ටම, මුඛය, උගුර යන ප්‍රදේශවල වතුර බිබිලි හට ගැනීම
  • සමහරුන්ගේ බිබිලි දැමීමට පෙර රතු පැහැති කුෂ්ඨයක් ඇති වී පසුව බිබිලි දැමිය හැකිය.
  • දින කීපයකින් බිබිලි පිපිරී ඝන පොත්තක් සෑදෙනු ඇත.
  • රෝගය දින 6-7 ක් පමණ පවතී

මෙම රෝග ලක්ෂණ සහිත දරුවකු ඔබ පෙර පාසල තුළ සිටී නම් නොපමාව එම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා කරවන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පෙරපාසල් ගුරුවරුන් වෙත දන්වා තිබේ.

සුව වන තුරු දරුවා පෙර පාසලට රැගෙන ඒමෙන් වළකින ලෙස දෙමාපියන් දැනුවත් කරන ලෙසද දන්වා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here