fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවේ රෝහලක වෙඩි තැබීමක්

    ඇමරිකාවේ රෝහලක වෙඩි තැබීමක්

    ඇමරිකාවේ ඔක්ලොහෝමා ප්‍රාන්තයේ ටල්සා හී රෝහලක සිදුවූ වෙඩා තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඇමරිකානු මාධ්යන වාර්තා කරයි.

    රයිෆලයක් සහ තවත් තුවක්කුවක් අතැතිව සිටි සැකකාර වෙඩික්කරුද මෙහිදී මරණයට පත් ඇති බවට ඔක්ලොහෝමා හී පොලිස් නිලධාරීන් තහවුරු කරයි.

    අදාල සැකකාර වෙඩික්කරු රෝහලට ඇතුළු වි මිනිත්තු තුනක් ගතවනවාත් සමඟම පොලිසිය එම ස්ථානයට ලඟා වී ඇති බවත් එහිදි පොලිසිය කඩිනමින් තත්ත්වය පාලනය කිරීමට ක්රිමයා කිරීම හේතුවෙන් ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබුණු බවද ඇමරිකානු මාධ්යන සඳහන් කරයි.
    මෙම වෙඩි තැබීමෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ව කඩිනමින් ප්ර.තිකාර සඳහා රෝහල් ගත කර ඇති බවද වාර්වේ.

    සිද්ධිය සම්බන්ධ‍යෙන් නියෝජ්යු පොලිස් ප්රනධානී එරික් ඩල්ග්ලීෂ් පවසා ඇත්තේ වෙඩිකරුගේ අන්යඅතාව සනාථ කරගැනීමට කටයුතු කරනය බවත් වෙඩික්කරු විසින්ම සිය ගිණි අවි වලින් වෙඩි තබැ ගැනීමෙන් මරණයට පත්ව ඇති බවයි.

    මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ අංශ කිහිපයක් ඔස්සේ සිදුකරන බවද නියෝජ්යි පොලිස් ප්රොධානිය ඩග්ලීෂ් පවසා තිබේ.

    මිට දින කිහිපයකට පෙරද ඇමරිකාවේ ටෙක්සාස් හී පාසල වෙඩි තැබීමක් වාර්තා වූ අතර එහිදී සිසුන් රැසක් සහ ගුරුවරුන් මරණයට පත්විය.

    මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ගිනි අවි ආශ්රී ත අනතරු සම්බන්ධයෙන් දත්ත රැස්කරන ගන් වයලන්ස් ආකයිව් සංවිධානය පෙන්වා දෙන ආකාරයට 2022 වර්ෂයේ ගතවූ කාලය තුලදී අවම වශයෙන් ඇමරිකාව තුල සමූහයක් ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම 233ක් වාර්තා වී ඇති බවයි.

    කෙසේ වෙතත් මෙම වසරේ තවමත් ගෙවී ගොස් ඇත්තෙ දින 152ක් පමණක් වන අතර එයින් පෙනී යවන්නේ මෙම වසරේ ගතවූ දින සංඛ්යාගවට වඩා වෙඩි තැබිම් ඇමරිකාවෙන් වාර්තා වී ඇති බවයි.

    ඇමරිකාව තුල දැඩි ලිහිල් ගිණි අවි ප්රයතිපත්තියක් අනුගමනය කරන අතර එරට නීතියෙන් ඕනෑම වැඩි හිටියෙකුට ගිණි අවියක් ලබා ගැනීමට අවසර හිමිවේ. මෙම නීතය වෙනස් කිරීම වසර ගණනාවක සිට සාකච්ඡා කළද එරට දේශපාලඥයින්ගේ ක්රි යාකාරකම් හේතුවෙන් එම ප්රෙයත්නය අසාර්ථක වී ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.