Home උණුසුම් පුවත් පක්ෂ 9 කණ්ඩායම් නායකත්වයට විමල්ගේ නම යෝජනා වෙයි

පක්ෂ 9 කණ්ඩායම් නායකත්වයට විමල්ගේ නම යෝජනා වෙයි

0
පක්ෂ 9 කණ්ඩායම් නායකත්වයට විමල්ගේ නම යෝජනා වෙයි

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 09 කණ්ඩායමේ නායකත්වයට ජාතික නිදහස් පෙරමුණු නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නම යෝජනා වී තිබේ.

එම පක්ෂ 09 නියෝජිතයින් අද සවස ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් ව ඇත.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඒ සම්බන්ධයෙන් සඳහන් කරනු ලැබුවේ “ඊළඟ මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට වුණත් එතුමා හොඳයි.” යනුවෙනි.

එහිදී 21වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.

⁣ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්වාධීන පක්ෂ එකමුතුව විසින් සකස් කළ යෝජනාවලිය හෙට (01) අග්‍රාමාත්‍යවරයාට බාරදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here