Home උණුසුම් පුවත් අත්හැරීම පුරුදුවෙන්නැයි චමල් අයියා මහින්ද මල්ලිට කී කතාව..

අත්හැරීම පුරුදුවෙන්නැයි චමල් අයියා මහින්ද මල්ලිට කී කතාව..

අත්හැරීම පුරුදුවෙන්නැයි චමල් අයියා මහින්ද මල්ලිට කී කතාව..

අත්හැරීමත් අපි පුරුදු වෙන්න ඕන. එහෙම නැතිව තනතුරුවලට ලෝභී වුණොත් මෙහෙම දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා යැයි හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් චමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. 1931 විතර පටන් ගත්තෙ. එහෙම නැත්නම් මෙච්චර කලක් දේශපාලනය කරන්න බැහැ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පියාණන් පිලිප් ගුණවර්ධන මැතිතුමන්ලා අපේ පියණන්ලා දේශපාලනය කළා. ඒ දේශපාලනය ආරම්භ කරලා තියෙන්නෙ තියෙන දේපල උකස් කරලා ඒවා මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන. තාමත් බේරාගන්න බැරිඒවා තියෙනවා. උකස් කරගත්ත ඒවා නිදහස් කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි ඒ ඒ දිස්ත්‍රික්කවල එදා ඉඳන් අද වෙනකම් දේශපාලනය කරන්න ඇහැක්වෙලා තියෙන්නෙ.

මම හිතනවා හිටපු ගරු අගමැතිතුමා, එතුමාගේ ජනාධිපතිධුර කාල දෙක අවසන් වෙලා සමුගත්තා නම් මීටත් වඩා හොඳයි. අද ඒ නැති නිසා සියලු දුක් වේදනාවන්වලට මුහුණ දෙනවා. විශාල පරිත්‍යාගයක් කරලා තියෙනවා අවුරුදු 50කට වැඩි දේශපාලන ඉතිහාසයේ. ඒ හැමදේම නැතිවෙලා තියෙනවා.අපි අත්හැරීමත් පුරුදුවෙන්න ඕන. මේ දේශපාලනයේ අපි නිරතවෙනවා නම් අපි අත්හැරීමත් පුරුදු වෙන්න ඕන. ධර්මය අනුව.

එහෙම නැති වුණොත් අපි මේ තනතුරුවලට ලෝභී වුණොත් මෙවැනි දේවල්වලට අපි මුහුණ දෙන්න වෙනවා. සුදුසු වෙලාවේදී මේවායින් ඉවත් වෙන්නත් අපි හිතට ගත්තොත් දේශපාලන කරන්න පුළුවන් වෙයි.යැයි චමල් රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here