Home උණුසුම් පුවත් මොරටුව නගරාධිපතිත් සී.අයි.ඩී. අත්අඩංගුවට

මොරටුව නගරාධිපතිත් සී.අයි.ඩී. අත්අඩංගුවට

මොරටුව නගරාධිපතිත් සී.අයි.ඩී. අත්අඩංගුවට

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ඒ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙනි.

ඊට අමතරව එම පහරදීමට අදාලව තවත් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

මෙම පහරදීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම අපේ ජන බල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රිසාත්ව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ඊයේ සවස මේ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරුන්වද අත්අඩංගුවට ගත්තේය. ඊට අමතරව ඊයේ පෙරවරුවේදී බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා සහ මොරටුව නගර සභාවේ සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. පෙරේදාද එම නගර සභාවේස කම්කරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව මේ වන විට ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here