Home උණුසුම් පුවත් පොලීසියේ ඉන්න කුඩුකාරයෝ ගැන පොලිස්පතිගෙන් රහස් වාර්තාවක්

පොලීසියේ ඉන්න කුඩුකාරයෝ ගැන පොලිස්පතිගෙන් රහස් වාර්තාවක්

පොලීසියේ ඉන්න කුඩුකාරයෝ ගැන පොලිස්පතිගෙන් රහස් වාර්තාවක්

ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන නිලධාරීන් අතර සිටින මත්ද්‍රව්‍ය ඡාවාරමට සහ මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන් සම්බන්ධයෙන් වූ රහස් වාර්තාවක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමුකර තිබේ.

එහි පොලිස්පතිවරයා පැහැදිලිවම දක්වා ඇත්තේ පසුගිය වසර තුළ පොලිස් නිලධාරීන් 21 දෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවටපත්ව ඇති බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින පොලිස් නිලධාරීන් 156ක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත්ය.

එසේම එම වාර්තාවේ පැහැදිලිවම දක්වා ඇත්තේ පොලිස් නිලධාරීන් 130 දෙනෙක් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවය. මෙය ඉතාම අසාමාන්‍ය තත්ත්වයක් බව පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අවධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here