Home උණුසුම් පුවත් ජනපති හෙට කැඳවූ සාකච්ඡාව ගැන පක්ෂ 11ක් ගත් තීරණ

ජනපති හෙට කැඳවූ සාකච්ඡාව ගැන පක්ෂ 11ක් ගත් තීරණ

ජනපති හෙට කැඳවූ සාකච්ඡාව ගැන පක්ෂ 11ක් ගත් තීරණ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කළ බව ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 10ක නියෝජිතයන් තීරණය කර තිබේ.

අද (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදි ඒ සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළා.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සාකච්ඡා කිරීමට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි මහලේකම් පාලිත රංගේබණ්ඩාර පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් එකඟ නොවන බවයි.    

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here