Home උණුසුම් පුවත් බදු ඉහළ දමන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි

බදු ඉහළ දමන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි

බදු ඉහළ දමන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි

ශ්‍රී ලංකාව සිය ණය අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු ඉහළ දැමීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනි ඈන් මේරි ඊයේ ඔන්ලයින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

වියදම් අවශ්‍යතා සපුරාලීම සඳහා බදු ආදායම වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි.

‘නම්‍යශීලී විනිමය අනුපාතවල අවශ්‍යතාවය අපි දකිමු.’ යැයි ද උද්ධමනය පාලනය කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බව ද ඇය පැවසුවාය.

“පසුගිය සති අන්තයේ මෙන්ම දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා සඳහා සූදානම් වීම පිළිබඳව අපි ඉතා හොඳ, ඵලදායී, තාක්ෂණික සාකච්ඡා පැවැත්වුවෙමු. ශ්‍රී ලංකාවේ මුදල් ඇමති අලි සබ්රි පසුගිය සතියේ වොෂින්ටනයට පැමිණ සිටියේ ඩොලර් බිලියන 51 ක විදේශ ණය වාරික ගෙවීම් අත්හිටුවා ඇති තම රටට මූල්‍ය ආධාර සැපයීම ගැන IMF, ලෝක බැංකුව, ඉන්දියාව සහ වෙනත් අය සමඟ කතා කිරීමට ය. දැනට ක්‍රියාත්මක සාකච්ඡාවල ප්‍රතිඵල ණය තිරසාරත්වය කරා ප්‍රගතියක් වනු ඇත.’ යැයි ද ඇය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here