Home උණුසුම් පුවත් අද දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

අද දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

අද දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටී.

එම තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත්හිටවූ බව ඇමතිවරයා පවසයි.

ගාස්තු සංශෝධනය ගැන අද රාත්‍රී සාකච්ඡා කරනු ලැබේ.

ඉන්පසු ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දෙන බවද හෙතෙම කීය.

දුම්රිය ගාස්තු වැඩි කරනුයේ ඉන්ධන මිළ වැඩිවීම පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණකැයි ප්‍රවාහන අමාත්‍ය අමුණුගම මහතා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here