Home උණුසුම් පුවත් ඉන්ධන පෝලි‌මේ ගැටුම යතුරුපැදිකරුට ජීවිතය අහිමිකරයි

ඉන්ධන පෝලි‌මේ ගැටුම යතුරුපැදිකරුට ජීවිතය අහිමිකරයි

0
ඉන්ධන පෝලි‌මේ ගැටුම යතුරුපැදිකරුට ජීවිතය අහිමිකරයි

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබාගැනීමට පැමිණී යතු රුපැදිකරුවෙක් සහ ත්‍රීරෝද රථ රියදුරෙක් අතර ඇතිවුණු ආරවුලක් දුරදිග යමින් ත්‍රීරෝද රථ රියදුරු විසින් එල්ලකළ ප්‍රහාරයකින් යතුරුපැදිකරු මිය ගොස් ඇත.

ඉන්ධන පෝලිම් ප්‍රශ්නයක් මෙම ආරවුලට හේතුවී ඇති බව නිට්ටඹුව පොලීසිය සඳහන් කරයි.

මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ රාත්‍රී කාලයේ සිදුවී ඇති අතර ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ මෙහෙයවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ත්‍රීරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් ඇති බවත් යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන යන විට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාලකර ඇති බවත් පොලිස් මූලස්ථානය මේ සම්බන්ධයෙන් නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වේ.

තුවාලකාර යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී පදිංමිව සිටි 29 වියැති තරුණයෙක් බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here