Home දේශීය පුවත් නාවල ඉන්ධන පිරවුම්හල් කොල්ලයේ් දෙදෙනෙක් පැය 24ක් තුළ අත්අඩංගුවට

නාවල ඉන්ධන පිරවුම්හල් කොල්ලයේ් දෙදෙනෙක් පැය 24ක් තුළ අත්අඩංගුවට

0

නාවල පිහිටි ඉන්ධන පිරවුම්හලට කඩාවැදී මුදල් කොල්ලකෑ කල්ලියේ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය සමත්ව ඇත.

මෙම කොල්ලය සිදුවන්නේ ඉකුත් 18 වෙනිදාය.

ත්‍රීරෝද රථයකින් පැමිණි කොල්ලකරුවන් එහි සේවකයින්ට කඩුවලින් පහරදී රුපියල් දෙලක්ෂ පනස්දහස් දෙසිය දහතුනක මුදලක් කොල්ලකා තිබුණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මිරිහාන පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ ඊයේ සවස් කාලයේදීය.

මොරගස්මුල්ල සහ නාරාහේන්පිට පදිංචිකරුවන් වන ඔවුන් අවුරුදු 24 සහ 37 වයස්වල පසුවන්නන්ය. මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක්ද පොලීසිය සොයාගෙන තිබේ.

කොල්ලයට පැමිණි ත්‍රීරෝද රථයත් කඩු 04ක් සහ කොල්ලකෑ මුදලින් රුපියල් 10,000ක්ද පොලීසිය සොයාගෙන ඇත.

සෙසු සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here