Home දේශීය පුවත් රටපුරා සැරිසැරූ යතුරුපැදි සොරා අල්ලයි

රටපුරා සැරිසැරූ යතුරුපැදි සොරා අල්ලයි

0

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ යතුරුපැදි සොරකම් 14ක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටුනායක පොලීසිය සමත්ව ඇත.

විසිහතර වියේ පසුවන එම සැකකරු පොල්පිතිගම ඉදිගොල්ලේ පදිංචිකරුවෙකි.

කටුනායක වලානගොඩදී මෙම පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී යතුරුපැදි සොරකම් ගැන තොරතුරු හෙළිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කුරුණෑගල,වැල්ලව,පොතුහැර,නිට්ටඹුව, වැලිවේරිය,වරකාපොල, ජා-ඇල, වේයන්ගොඩ හා පෑලියගොඩ පොලිස් වසම්වල මෙම යතුරුපැදි සොරකම් සිදුව තිබේ.

එසේ සොරාගන්නා ලද යතුරුපැදි 14ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here