Home උණුසුම් පුවත් ගෑස් නැතැයි කියා ජනතාව ටැංකි මහා පාරේ තබා ගෙන විරෝධයක

ගෑස් නැතැයි කියා ජනතාව ටැංකි මහා පාරේ තබා ගෙන විරෝධයක

0
ගෑස් නැතැයි කියා ජනතාව ටැංකි මහා පාරේ තබා ගෙන විරෝධයක

හෝමාගම බස් නැවතුම්පොළ අසලින් හයිලෙවල් මාර්ගය අවහිරකරමින් හිස් ගෑස් ටැංකි තබාගත් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය.

ගෑස් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ගෑස් නියෝජිතායකනයක් ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිට රැදී සිටි පිරිසක් මෙසේ මාර්ගය අවහිරකරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ බව හෝමාගම පොලීසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

තුන්සියයක පමණ පිරිසක් එම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිට ඇති අතර ඔවුන් මාර්ගය අවහිරකර ඇත්තේ අද දිනයේ ගෑස් නොලැබෙන බව ගෑස් නියෝජිතායතනය කළ දැනුම්දීමත් සමඟිනි.

මෙම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි හෝමාගම පොලීසියේ නිලධාරීන් ගෑස් අලෙවි නියෝජිතායතනයේ නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ගෑස් තොග ඒ වන විට සිය ආයතනයේ පමණක් නොව, ඔවුන්ට ලබාදෙන ප්‍රධාන ඒජන්සියේද නොමැති බවය. ඒ බව පොලීසියේ නිලධාරීන් ජනතාව දැනුවත්තර ගෑස් තොග පැමිණි විට පළමුව නිකුත් කරනුයේ එම අවස්තාවේ රැදී සිටින පිරිසට බවට පොරොන්දුවක් දෙමින් ටෝකන් එකක් ලබාදී සිද්ධිය සමථයකට පත්කර තිබේ.

ගෑස් පාරිභෝගිකයින් ගෑස් නොමැතිවූ තැන හිස් සිලින්ඩර් තබාගෙන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වීමේ සිදුවීම් කිහිපයක්ම ඉකුත් දින කිහිපයේ වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here