Home දේශීය පුවත් GOSSIP ගාලු කුමරිය පුදුම කළ සංචාරකයා

ගාලු කුමරිය පුදුම කළ සංචාරකයා

ගාලු කුමරිය පුදුම කළ සංචාරකයා

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වන ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියට ගාල්ල දුම්රිය ස්ථානයෙන් අද(16) උදෑසන ගොඩ වූ විදෙස් සංචාරක යුවළක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

ඒ ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයාගේ ඇඳුම් විලාසිතාව නිසාය. උඩුකයට ඇඳුමක් ඇඳ නොසිටි මෙම විදේශිකයාගේ මුළු උඩුකයම පච්චයකින් පමණක් වැසී තිබිණි.

ගාලු කුමාරි දුම්රියේ සිටි කුමරියෝ මෙම අපූරු විලාසිතාව දැක පුදුම වූහ. පිරිමි මගීහු නම් අනගතයේ සකසුරුවම් වීමටත් ඇඳුම ආයිත්තම් මිල ඉහළ ගියහොත් මෙය ඊට අපූරු විසඳුමක් බවත් කියමින් සිනා පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here