Home උණුසුම් පුවත් යුක්‍රේනයෙන් රුසියා හමුදා ඉවත් කරන්න බලකළ UN යෝජනාවට ශ්‍රී ලංකාව නිහඬයි

යුක්‍රේනයෙන් රුසියා හමුදා ඉවත් කරන්න බලකළ UN යෝජනාවට ශ්‍රී ලංකාව නිහඬයි

යුක්‍රේනයෙන් රුසියා හමුදා ඉවත් කරන්න බලකළ UN යෝජනාවට ශ්‍රී ලංකාව නිහඬයි

යුක්රේන භූමියෙන් රුසියානු හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා ලෙස බලකරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී අද ඉදිරිපත් වූ යෝජනාව අනපේක්ෂිත බහුතරයකින් සම්මත වූ අතර ශ්‍රී ලංකාව එහිදී ඡන්දය දීමෙන් වැළකී තිබේ.

මෙම යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය දුනි. රටවල් 5ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 34ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

යෝජනාව වූයේ ‘රුසියානු සමූහාණ්ඩුව වහාම, සම්පූර්ණයෙන්ම සහ කොන්දේසි විරහිතව සිය ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ යුක්රේන භූමියෙන් සිය සියලු හමුදා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටී.’ යන්නය.

ඡන්ද ප්‍රතිඵලය සමූලුවේ තිරය මත ප්‍රදර්ශනය කළ විට ජගත් මහාමණ්ඩල සැසියක කලාතුරකින් ඇසෙන ආකාරයේ දුර්ලභ ඝෝෂාවක් ඇති විය.

මෙම ඡන්ද ප්‍රතිඵලය නීත්‍යානුකූලව බැඳී නැති එකක් වන නමුත් ගෝලීය වශයෙන් යම් දේශපාලන බරක් දරයි. එහෙත් එය මොස්කව්හි මිලිටරි ආක්‍රමණය වෙනස් කරයිද යන්න නම් සැක සහිත ය.

ඡන්ද විමසීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පැවසුවේ ‘මහා සමුළුවේ පණිවිඩය ප්‍රබල සහ පැහැදිලි ය: යුක්රේනයට කරන සතුරුකම් දැන් අවසන් කරන්න. දැන් තුවක්කු නිහඬ කරන්න. සංවාදයට සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට දැන් දොර අරින්න. යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව ගරු කළ යුතුය.’ යනුවෙනි.

මෙම ඡන්දයේදී රුසියාව වෙත පළවූ විරෝධය රුසියාවට එරෙහිව ලෝකය විසින් නැගෙන ගෝලීය හෙලාදැකීමක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here