Home උණුසුම් පුවත් හෙට සිට පළාත් කිහිපයක මහ වැසි

හෙට සිට පළාත් කිහිපයක මහ වැසි

හෙට සිට පළාත් කිහිපයක මහ වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි තත්වයේ වැඩිවීමක් හෙට (02) දින රාත්‍රියේ සිට 04 දින දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලය තුළ එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

අද දිනයේ දී, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගාල්ල, මාතර, රත්නපුර, කළුතර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ඌව සහ වයඹ පළාත් වලත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here