Home උණුසුම් පුවත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය අද ඇරඹේ

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය අද ඇරඹේ

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ  49  සැසිවාරය අද ඇරඹේ
The United Nations Human Rights Council in Geneva, seen earlier this year during a presentation on the conflict in Syria. On Tuesday, Secretary of State Mike Pompeo and Ambassador Nikki Haley announced that the U.S. will be withdrawing from the council.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එහි 49 වැනි සැසිවාරය අද (28) ජිනීවාහි හිදී ආරම්භ කරයි.

රටවල් 140කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන රාජ්‍ය නායකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඉදිරි දින තුන තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතනු ඇත.

සුපුරුදු සමාරම්භය වෙනුවට තරමක් වෙනස් වෙමින් මෙවර මෙම ඉහළ මට්ටමේ සාකච්ඡා කොටස ආරම්භ වන්නේ, “රුසියානු ආක්‍රමණයෙන් පැන නගින යුක්‍රේනයේ මානව හිමිකම් තත්ත්වය” පිලිබඳ හදිසි විවාදයක් පැවැත්වීමට යුක්‍රේනයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙනි.

හදිසි විවාදය පවත්වනු ලබන්නේ එය පැවැත්විය යුතු බවට සාමාජිකයින් 47 දෙනෙකුගෙන් යුත් මණ්ඩලය තීරණය කළහොත් පමණි.

සැසිවාරය තුළදී, වධහිංසා පැමිණවීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම වැනි ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන වාර්තා 100 කට වැඩි ප්‍රමාණයක් කවුන්සිලය විසින් සලකා බලනු ඇත.

සියලුම කලාපවල රටවල් 50 ක පමණ මානව හිමිකම් වාර්තා පරීක්ෂා කෙරේ.

ඒවාට මියන්මාරය, උතුරු කොරියාව, සිරියාව, ඉතියෝපියාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, දකුණු සුඩානය, නිකරගුවාව සහ වෙනිසියුලාව ඇතුළත් වේ.

මානව හිමිකම් විශේෂඥයින් සහ කණ්ඩායම් 30කට වැඩි සංඛ්‍යාවක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා 100කට අධික සංඛ්‍යාවක් කවුන්සිලය විසින් සලකා බලනු ඇත.

මෙම ඉදිරිපත් කිරීම් මගින් COVID-19 වසංගතයේ මානව හිමිකම් මානයන් ඇතුළුව රටවල් 50 ක් සහ තේමා 40 ක් පමණ ආමන්ත්‍රණය කරනු ඇත.

මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් නොපවත්වන අතර, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයක් සතිය තුළ පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

මෙම සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.

2022 මාර්තු 3 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ කොටස අමතනු ඇත.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී කතා කරනු ඇත. විදේශ අමාත්‍යවරයා සිය සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු ප්‍රභූවරුන් හමුවීමට ද නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අප්‍රේල් 1 වැනිදා දක්වා පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here