Home උණුසුම් පුවත් හෙට ප්‍රයිවට් බස් දුවයිද?

හෙට ප්‍රයිවට් බස් දුවයිද?

හෙට ප්‍රයිවට් බස් දුවයිද?

හෙට (28) සිට කාර්යාල වේලාවේදී බස් ධාවනයට ප්‍රමුඛත්වය දෙමින් අනෙක් වේලාවන්හිදී පෞද්ගලික බස් රථ ධාවනය සීමා කිරීමට බස් හිමිකරුවන් තීරණය කර තිබේ.

ඉන්ධන හිඟය හේතුවෙන් මෙම පියවර ගත් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය වේලාවන්ට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත කාලසටහනක් මේ වන විටත් අදාළ බලධාරීන් වෙත භාරදී ඇති බවයි.

“අපේ සාමාන්‍ය බස් රථවලට ප්‍රමාණවත් ඩීසල් නැහැ. සමහර ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැහැ. IOC එක මිල වැඩි කරලා. ඒ නිසා ඒවායින් ඉන්ධන ලබාගන්න බැහැ. මේ නිසා ගමන් වාර ප්‍රමාණය අඩු කිරීමටත් කාර්යාල වේලාවන් තුළ බස් රථ ධාවනයට ප්‍රමුඛත්වය ලබා දීමටත් ඇතැම් ගමන් අවලංගු කිරීමටත් අපි තීරණය කර තිබෙනවා.”

ඉන්ධන හිඟය ලංගම බස් රථ ධාවනයට බලනොපාන බව ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here