Home උණුසුම් පුවත් අතේ පත්තුවුනු දෙමළ සංධාන මන්ත්‍රීගේ සුදුවෑන් කතාව

අතේ පත්තුවුනු දෙමළ සංධාන මන්ත්‍රීගේ සුදුවෑන් කතාව

0
අතේ පත්තුවුනු දෙමළ සංධාන මන්ත්‍රීගේ  සුදුවෑන් කතාව

කල්මුණේදී ශ්‍රී ලංකා තමිල් අරුසු කච්චි පක්ෂයේ තරුණ සංවිධානයේ සහකාර ලේකම් නිදන්ෂන් නැමැත්තාව සුදු වෑන් රථයකින් බුද්ධි අංශයේ නිලධරීන් විසින් පැහැරගෙනයාමට උත්සහ කළ බවට දෙමළ සංධානයේ මඩකලපුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් සිය සමාජ ජාල ගිණුම මගින් කර ඇති ප්‍රකාශය ජනතාව නොමඟ යවන මුළුමනින්ම අසත්‍ය තොරතුරක් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

අරුල් ඥාණමුර්ති නිදන්ෂන් නැමැත්තා තමාට වෑන් රථයකින් පැමිණි පුද්ගලියින් පිරිසක් පෙරේදා (17) පහරදීමට තැත්කළ බවට කල්මුණ පොලිස් ස්ථානයට කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ වෑන් රථයෙන් පැමිණ ඇත්තේ මරදමුනේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවය. ඔවුන් යතුරු පැදි අමතර කොටස් අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන අය බවද පොලීසිය කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Media-on-2022.02.18-at-2200.pdf” title=”Media on 2022.02.18 at 2200″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here