Home උණුසුම් පුවත් නවම් පුන් පෝ දිනය අදයි

නවම් පුන් පෝ දිනය අදයි

නවම් පුන් පෝ දිනය අදයි

බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සංඝායනාව ද සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම් ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සම්බුද්ධ ශාසනයේ සිදුවූ නවම් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.

බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සංඝායනාව රජග‍හනුවර වේලුවනාරාමයේදී සිදුවූ බව ඉතිහාසයේ සඳහන් ය.

බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේද අද වැනි දිනෙක බව ඉතිහාසයේ සදහන් ය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය කළේත් නවම් පුන් පොහෝ දිනකදීයි.

කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර ද පොහොය දිනය වෙනුවෙන් වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here