Home special ඉන්දීය ගීත කෝකිලාවිය සදහටම නිහඬ වෙයි

ඉන්දීය ගීත කෝකිලාවිය සදහටම නිහඬ වෙයි

0
ඉන්දීය ගීත කෝකිලාවිය සදහටම නිහඬ වෙයි

ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කර් අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉකුත් ජනවාරි මස ඇයව මුම්බායි හී රෝහලකට ඇතුලත් කරනු ලැබීය.

1929 සැප්තැම්බර් 28 උපන් මංගේෂ්කර් වයස අවුරුදු 9යේදී සිය පියාගේ ආභාෂයෙන් ගායනයට පිවිසෙන අතර අවුරුදු 13දී සිය පළමු ගීතය පටිගත කිරීමට සමත් වූවාය.

එතැන් පටන් ඇය 92 විය තෙක් භාෂා 36කින්  ගීත 20000කට අධික සංඛ්‍යාවකට සිය හඬින් ජීවය ලබා දීමට සමත්වූවාය.

2001 වර්ෂයේදී ඇයට ඉන්දියාවේ සිවිල් වැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වූ භාරත් රත්න් සම්මානයෙන්ද  1999 වර්ෂයේදී පද්ම විභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

කෙසේවෙතත් 2009දී ඇය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ ඇයට ශාස්ත්‍රීය ගායිකාවක් වීමට දැඩි ලෙස ඇලුම් කලද ඊට අවස්ථාව නොලැබීම තමන් වැඩියෙන්ම කණගාටුවට පත්වන කරුණ බවයි.

ශාස්ත්‍රීය සංගීතඥයෙකුන් වූ මංගේෂ්කර්ගේ පියා ඇය කුඩා කාලයේදීම මරණයට පත්වූ අතර ඒ හේතුවෙන් පවුලේ බර කරට ගැනීමට මංගේෂ්කර් හට සිදුවිය.

මංගේෂ්කර්ගේ අභාවය හේතුවෙන් ඉන්දීය රජය දින දෙකක ශෝක කලයක් නම් කිරීමටද තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here