Home දේශීය පුවත් මඟුලකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් මහා පාරේ ඇණ කොටාගෙන

මඟුලකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් මහා පාරේ ඇණ කොටාගෙන

0
මඟුලකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් මහා පාරේ ඇණ කොටාගෙන

විවහා මංගල්‍ය උත්සවයකට සහභාගිවී නැවත ගමන් කරමින් සිටි පොලීසියේ පිරිසක් පෙරේදා රාත්‍රියේදී වරකපොල දී මහ මග එකිනෙකාට පහරදෙමින් ඉතා අශෝභන ලෙස හැසිරී ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේත්, පොලිස් පිරිස් පාලන අංශයේත් සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් ගම්පහ සහ හලාවත පොලිස් කොට්ඨාශවල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙක් එම අවස්ථාවේදී මහ මඟ එකිනෙකාට පහරදෙමින් ගැටී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම ගැටුම සම්බන්ධයෙන් මහ මඟ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් 119 හදිසි ඇමතුම් අංශයට කළ දැනුම් දීමකට අනුව වරකාපොල පොලීසියේ නිලධාරීන් පැමිණ ගැටුම සමතයකට පත්නොකරන්න නිලධාරියෙක් මිය යාමට පවා ඉඩ තිබුණු බව පොලිස් තොරතුරු සදහන් කළේය.

මෙම ගැටුම සම්බන්ධයෙන් ඊයේ උදෑසන අල්ලස් කොමිසමේ සහ පිරිස් පාලන අංශයේ සේවයේ නිරතව සිටින පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබේ. රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගතකර සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම ගැටුම හටගෙන ඇත්තේ බීමත්ව ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයෙකුට අයත් මොන්ටිරෝ වර්ගයේ රථයකින් මෙම පිරිස විවහා මංගල්‍ය උත්සවයට ගොස් ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here