Home දේශීය පුවත් ඇගළුම් කම්හල් සේවකයින් රැගත් බස් රථය ප්‍රපාතයකට

ඇගළුම් කම්හල් සේවකයින් රැගත් බස් රථය ප්‍රපාතයකට

0
ඇගළුම් කම්හල් සේවකයින් රැගත් බස් රථය ප්‍රපාතයකට

හැටන් දික්ඔය බරවල මාර්ගයේ ගමන් කරමින් තිබූ ඇඟළුම් කර්මාන්ත් ශාලාවක සේවකයින් රැගත් බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන හෙළකට පෙරළීමෙන් එක් අයෙක් මිය ගොස් 17 දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලැබුවේ අඩි 45 ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරලී ඇති බවය.

අනතුරින් කාන්තාවන් 08 දෙදෙනෙක් සහ පිරිමින් 08 දෙනෙක් තුවාල ලබා මුලින්ම දික්ඔය රෝහලට ඇතුලත් කෙරුණු බවත් මිය ගොස් ඇත්තේ ඒ අතරින් බරපතල ලෙස තුවාල ලබා සිටි අයෙක් බවත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම අනතුරට හේතුව අධික වේගය බවට පොලීසිය සැකකරයි. අනතරින් පසු රියදුරා පළාගොස් තිබේ.

හැටන් පොලීසියේ රථවාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here