Home උණුසුම් පුවත් අතුරුදන් ප්‍රගීත් වෙනුවෙන් බිරිඳ මහාකාලි කෝවිලේදී හිස බූ ගායි (📸📹)

අතුරුදන් ප්‍රගීත් වෙනුවෙන් බිරිඳ මහාකාලි කෝවිලේදී හිස බූ ගායි (📸📹)

අතුරුදන් ප්‍රගීත් වෙනුවෙන් බිරිඳ මහාකාලි කෝවිලේදී හිස බූ ගායි (📸📹)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී වසර 12ක් ගතවී ගිය ද ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු වී නොමැති බව පවසමින් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද පෙරවරුවේ මෝදර කාලි‍ අම්මාන් කෝවිලේදී හිස බූ ගා විරදම් පූජාව කර තිබේ.

පූජාව අවසානයේදී ඇය එක්නැලිගොඩ මහතතා බලහත්කාරයෙන් අතුරුදන් කළ බව කියන වගකිවයුත්තන්ට දඬුවම් ඉල්ලා නාග සන්දේශය කියවා දෙවියන්ට කන්නලව් කළාය.

2010 ජනවාරි 24 වනදා රාත්‍රියේ කොළඹ ආසන්න ප්‍රදේශයකදී ඔහුව පැහැරගැනීමකට ලක්ව තිබූ බවත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අනාවරණය කර, අධිකරණමය ක්‍රියාවලියක් හරහා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙමින් යුක්තිය ඉටුකිරීමක් සිදුව නොමැති බවටත් ඇය චෝදනා කරයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here