Home දේශීය පුවත් උණුසුම් පුවත් පිළිකාකාරක අඩංගු පොල්තෙල් හමුවෙයි- වහාම ප්‍රතිඅපනයනයට නියෝග

පිළිකාකාරක අඩංගු පොල්තෙල් හමුවෙයි- වහාම ප්‍රතිඅපනයනයට නියෝග

පිළිකාකාරක අඩංගු පොල්තෙල් හමුවෙයි- වහාම ප්‍රතිඅපනයනයට නියෝග

ආනයනය කොට ගබඩාකර තිබූ පොල් තෙල් අතුරින් සමාගම් 3කින් ගෙන්වූ පොල්තෙල් තොගවල “ඇෆලටොක්සීන්” නැමැති පිළිකා කාරකය අඩංගු බව තහවුරු වූ බවත් ඒවා වහාම ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් දුන් බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අදාළ සමාගම්වලට අයත් ගුදම්වල ගබඩා කර තිබූ පොල් තෙල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ද පරීක්ෂණයට ලක්කර අතර එහි ප්‍රථිපල ඊයේ (01) පාරිභෝගික අධිකාරියට ලබාදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී පෞද්ගලික සමාගම් තුනකින් මෙරටට ආනයනය කළ පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බවට පළමුව තහවුරු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here