Home මුල් පිටුව ප්‍රදේශ රැසක පොල්තෙල් සාම්පල 55 කම පිළිකාකාරක නෑ

ප්‍රදේශ රැසක පොල්තෙල් සාම්පල 55 කම පිළිකාකාරක නෑ

ප්‍රදේශ රැසක  පොල්තෙල්  සාම්පල 55 කම පිළිකාකාරක නෑ

පිළිකාකාරක‌ අඩංගු වේදැයි සොයාබැලීමට දිවයින පුරා විවිධ ස්ථානවලින් ලබාගත් පොල්තෙල් සාම්පල 55කම “ඇෆලටොක්සීන්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඇතුළත් නොවන බවට තහවුරු වී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එම පරීක්ෂණ සඳහා පාරිභෝගික අධිකාරිය සමස්ත දිවයිනම අවරණය වන පරිදි ප්‍රසිද්ධ වෙළෙඳ නාම ඇතුළත් පොල් තෙල් සාම්පලද ඇතුළුව වෙළෙඳපොළෙන් පොල්තෙල් සාම්පල 125ක් ලබාගෙන තිබුණි.

එම සියලුම සාම්පල පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හා පොල් සංවර්ධන මණ්ඩලයට යොමුකිරීම්මෙන් අනතුරුව මෙම ප්‍රතිඵල ලබාදී ඇත.

පොල් සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇෆලටොක්සීන් අඩංගු තත්ත්වයක් ගැන විශේෂිත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන තත්ත්වයට මෙරට වෙළෙඳපොළේ පොල් තෙල් තත්ත්වය තවමත් පවතින බව පරීක්ෂණවල දී පෙනී ගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here