ක්‍රීඩා දේශීය පුවත් ආසියානු කිරුළට ඉන්දු-ලංකා අවසන් මහා තරගය ඇරඹෙයි රමේෂ් වරල්ලෙගම - 10:59 AM - December 31, 2021 0 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය මේ වනවිට ඩුබායි හි දී ආරම්භ වී තිබේ. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. අවසන් පූර්ව තරගයේ දී ප්‍රභල පාකිස්ථාන කණ්ඩායම ලකුණු 22කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පළමුවෙන් පන්දුවට පහර දී ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කර ගනු ලැබුවේ ලකුණු 147ක් පමණ අඩු ලකුණු සංඛ්‍යාවක් වුවද එම ඉලක්කයට ළගා වීමට ඉඩ නොතැබූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්ථානය ලකුණු 125කට සීමා කළහ. තරගාවලිය පුරා තුන් ඉරියව් දක්ෂතා දැක්වූ කණ්ඩායමක් ශ්‍රී ලංකා පිළ නියෝජනය කිරීම හේතුවෙන් අද පැවැත්වෙන අවසන් මහා තරගය දෙපිළටම විවෘත තරගයක් වනු ඇත. ඉන්දියාව මෙම තරගාවලිය පුරා දස්කම් දක්වමින් ඉදිරියට පැමිණි අතර ඔවුන්ට අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් විශාල පීඩනයක් එල්ල වනු ඇතැයි විශ්වාස කළ හැකිය.