Home special මහ රෑ ඉහළ ගිය ඉන්ධන මිල

මහ රෑ ඉහළ ගිය ඉන්ධන මිල

0
මහ රෑ ඉහළ ගිය ඉන්ධන මිල

රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබීය.

ඒ අනුව රුපියල් 157 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 ක් ඉහළ යනු ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 177 කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ යන අතර නව මිල සදහන් වන්නේ රුපියල් 207 ලෙසිණි.

මෙම මිල වැඩිවීමත් සමඟ රුපියල් 111 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත. එහි නව මිල වන්නේ රුපිියල් 121 කි.

මෙතෙක් රුපියල් 144 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 15 කින් ඉහළ යනු ඇත. ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159 කි.

භූමිතෙල් මිලද මේ සමඟ වැඩිවී තිබේ. රුපියල් 77 ක්ව පැවති භූමිතෙල් ලීටරය රුපියල් 10 කින් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here