Home උණුසුම් පුවත් ගෑස් නෞකාවක් ගොඩබෑමට අවසර

ගෑස් නෞකාවක් ගොඩබෑමට අවසර

ගෑස් නෞකාවක් ගොඩබෑමට අවසර

ලිට්රෝ සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද එක් ගෑස් නෞකාවකට ගොඩබෑම සඳහා අවසර හිමිව තිබේ.

එම සමාගම විසින් පසුගියදා ඇණවුම්කරන ලද ගෑස් රැගත් නැවක් මෙරටට පැමිණි අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ඛණිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළේය.

එහිදී අදාල ගෑස් තොගයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට නොපවතින බවට අනාවරණය වී තිබුණි.

එබැවින් එම නෞකාවට ගෑස් ගොඩබෑමට අවසර ලැබුණේ නැත.

දෙවන වරට පැමිණි නෞකාවට මෙලෙස ගෑස් ගොඩබෑමට මෙලෙස අවසර ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here